ජාතික කි‍්‍රකට් කණ්ඩායම සමඟ විදෙස් තරග සංචාරවලට එක්වන කි‍්‍රඩකයින්ගේ බිරිදෑවරුන්ට සීමා පැනවීමක් සිදුවනු ඇති බව කි‍්‍රකට් ආයතනයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා. එ් අනුව දින 40කට වැඩි විදෙස් තරග සංචාර සඳහා පමණක් කී‍්‍රඩකයින්ගේ බිරින්දෑවරුන්ට එක්වීමට අවසර ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම තීරණයත් එක්ක කෙටි විදෙස් තරග සංචාර සඳහා කී‍්‍රඩකයන් සමග එක්වීමට ඔවුන්ගේ බිරිදෑවරුන්ට අවස්ථාව අහිමි වන අතර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට සහභාගී වීමට අවස්ථාව උදාවන්නේ දින 40කට වැඩි විදෙස් තරග සංචාර සඳහා පමණි.
එසේම බිරින්දෑවරුන් විදෙස් තරග සංචාරවලට එක්වීම කී‍්‍රඩකයන්ටද එක්තරා පීඩනයක් බව කි‍්‍රකට් බලධාරීන්ගේ අදහස් වී තිබේ.
මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා සමග සාකච්ඡා කර තීරණයක් ගන්නා බව වැඩිදුරටත් වාර්තා වෙනවා.