News Line| Off Air
Generic placeholder image

Feb
11

ගස් කැපීමට ගන්නා සියලු යන්ත්‍ර ලියාපදිංචියට නීතියක් – ජනපති

692 Views


ගස් කැපීමට ගන්නා සියලු යන්ත්‍ර ලියාපදිංචියට නීතියක් – ජනපති

ගස් කැපීමට භාවිත කරන කුඩා ප‍්‍රමාණයේ චේන්ෂෝ යන්ත‍්‍රවල සිට විශාල ප‍්‍රමාණයේ යන්ත‍්‍ර දක්වා සියලු යන්ත‍්‍රවලට අනිවාර්යයෙන් බලපත‍්‍රයක් ලබාගත යුතු බවට නව චක‍්‍රලේඛයක් නිකුත් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (11දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති විශේෂ හමුවක් අමතමිනි.

ඒ අනුව එවැනි යන්ත‍්‍ර ළග තිබෙන පුද්ගලයන් මෙම පෙබරවාරි 15 වනදා සිට මාර්තු 01 වනදා දක්වා කාලය තුළ එය ළගම තිබෙන පොලිසියට වාර්තා කළ යුතුවන අතර සෑම පොලිස් ස්ථානයක්ම තම බලප‍්‍රදේශය තුළ එවැනි යන්ත‍්‍ර ළඟ තිබෙන පුද්ගලයන් පිළිබඳ නාම ලේඛනයක් පවත්වාගෙන යා යුතු අතර ඒ අනුව එම යන්ත‍්‍ර සඳහා බලපත‍්‍ර නිකුත් කිරීමට පියවර ගැනේ.

බලපත‍්‍රයක් නොමැතිව එවැනි යන්ත‍්‍ර පරිහරණය කරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා බව ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post