ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක් නොවන පුද්ගලයෙක් ජනාධිපතිධුරයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයින් කිසිසේත් සූදානම් නැති බවත් ඒ සඳහා බලපෑම් කිරීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ අද (11දා) පක්ෂ කාර්යාලයේ පළාත් පාලන ආයතන නියොජිතයින්ගේ හමුවේදී අදහස්ද ක්වමිනි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමේ මිනිසා අකමැති පුද්ගලයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න කිසිදු සූදානමක් නැහැ.
ඒ නිසා ගමේ පාක්ෂිකයා අකමැති ජනාධිපති අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දයක් මෙහෙයවන්න සාමාජිකයින්ට පක්ෂයේ නායකත්වය කිසිදා බලපෑම් කරන්නේ නැහැ.
ස්ථිර වශයෙන්ම ඊළග ජනාධිපතිවරයා බිහිවන්නේ ශ්‍රි ලංකා පොදජන පෙරමුණෙන්. ඒ අපේක්ෂකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්. ඒ වගේම මැතිවරණ සලකුණ පොහොට්ටුව.”