News Line| Off Air
Generic placeholder image

Feb
11

බැංකු ගිණුමේ ශේෂය 1000ට අඩුනම් මාසයකට රුපියල් 25ක් කපයි

921 Views


බැංකු ගිණුමේ ශේෂය 1000ට අඩුනම් මාසයකට රුපියල් 25ක් කපයි

අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටිනවා. ඒ අනුව රුපියල් 1000වඩා අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් මාසයෙන් මාසයට රුපියල් 25ක බැගින් අඩුකර අවසානයේ ගිණුම අහෝසි කිරීමට කටයුතු කරන බවයි වාණිජ බැංකු සඳහන් කරන්නේ.අදාළ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වීමත් සමඟ රුපියල් 1000 ක සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුමක් මාස 40 න් අහෝසි වී යන අතර ඒ අතරතුර කාළයේ මුදල් බැර කිරීමක් සිදුකළහොත් ගිණුම සාමාන්‍ය පරිදි ක්‍රියාත්මත කෙරෙන බවයි වාණිජ බැංකු වැඩිදුරටත් සඳහන් කරන්නේ.රුපියල් 1000 හෝ ඊට වඩා අඩු සාමාන්‍ය අවම ශේෂයක් ඇති ඉතිරි කිරීමේ ගිණුම් පවත්වාගෙන යාම අපහසු නිසා මෙම පියවර ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post