News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

මධූෂ්ව බෙදා ගන්න බැරිව කට්ටිය දඟලනවා – රෝහිත

919 Views


මධූෂ්ව බෙදා ගන්න බැරිව කට්ටිය දඟලනවා – රෝහිත

මේ වෙනකොට විශාල වශයෙන් ශ්‍රී ලංකාවෙන් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා බවත් මධූෂ් අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමේ ලකුණු දා ගැනිමට බොහෝ පිරිස් කටයුතු කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

අද (11දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළා.

“දවස ගාණේ මත්ද්‍රව්‍ය කිලෝ ගණන් වලින් ඇහෙන්නේ. දැන් කුඩුවලින් රොටි පුච්චනවාද මන්දා. කොකේන් වගේ නොයෙක් නම් වලින් මත්ද්‍රව්‍ය රට පුරා යනවා.

මධූෂ්ව බෙදා ගන්න බැරිව දගලනවා කට්ටිය. මම ඇල්ලුවේ කියනවා. කිරිඇල්ල උන්නැහේ කියනවා අපි කේ.පි වගේ ගේන්නලු හිටියේ. එතුමාගේ බාප්පගේ පුතා වෙන්න ඇති.

හරියට චූටි බබෙක් ගේන්න හිටියා වගේ. අද හිටපු පොලිස් ඇමැති කියනවා මෙය අපේ ආණ්ඩුවේ සැලසුමක් අනුව ක්‍රියාත්මක වුණු ඒකක්ලු. කුඩු ටික නම් ඒ ආණ්ඩුවෙන් ආවා. මධූෂ් පැන්නා කිව්වා නම් මේ කටවල් ටික ඔක්කොම වැහෙනවා. අපි නෙවෙයි ඇල්ලුවේ කියයි.”


News Articles
Latest Videos
Most Popular Post