News Line| Off Air
Generic placeholder image

Feb
11

මරණ දඬුවමට එල්ලුම් ගහ සූදානම්

1386 Views


මරණ දඬුවමට එල්ලුම් ගහ සූදානම්

වැලිකඩ බන්ධනාගාරයේ තිබෙන එල්ලූම් ගහේ ක‍්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂාවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊට යොදා ගැණෙන කඹයේ ප‍්‍රමිතිය පිළිබඳ සොයා බැලීම සඳහා එය ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යංශය වෙත යොමු කර ඇති බවයි වාර්තා වෙන්නේ. එම කඹය සුදුසු තත්ත්වයේ නොමැති නම් නව කඹයක් විදෙස් රටකින් මිල දී ගැනීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළා.

දැනට පවතින කඹය පාකිස්තානයෙන් ගෙන්වා තිබෙන අතර එය මේ වනවිට වසර 12ක් පමණ පැරණි එකක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර අලූගෝසු තනතුර සඳහා අයදුම්පත් භාරගැනීම ද ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ලබන 25 වැනිදා තෙක් ඊට අයදුම්පත් යොමු කළ හැකියි. ඉදිරි මාස 02 තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා ස්ථීරවම මරණ දඬුවම ලබාදෙන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post