News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
12

අමල් හා නදීමාල් වෙනුවෙන් ඩුබායි පොලීසියේදී අද කරුණු දක්වයි

878 Views


අමල් හා නදීමාල් වෙනුවෙන් ඩුබායි පොලීසියේදී අද කරුණු දක්වයි

ඩුබායි රාජ්‍යයේ පැවැති සාදයකදී අත්අඩංගුවට පත් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට අද දින පෙ.ව. 8.00ට සෞදි පොලිස් විමර්ශන නිලධාරීන් හමුවීමට යොදාගත් බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පවසනවා. තමන් ඒ සඳහා ඊයේ දිනයේ උත්සාහයක් ගත්තද,ඊට අවස්ථාව නොලැබුණු බවද හෙතෙම සඳහන් කලේ.නදීමාල් පෙරේරා හා අමල් පෙරේරා වෙනුවෙන් තමන්ට පෙනී සිටීම සඳහා ඔවුන්ගේ ඥාතීන් විසින් ඩුබායි තානාපති කාර්යාලය ද සහතික කරන ලද පෙරකලාසිය හා ඇටෝනි බලපත්‍ර ඩුබායි පොලිස් විමර්ශන නිලධාරීන්ට ඉදිරිපත් කරන බවද ප්‍රේමරත්න මහතා පැවසුවා.

එම ලේඛන යොදා ගනිමින් අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා අධිකරණයට ඉදිරිපත් නොකර බේරාගැනීමට හෝ යම් හෙයකින් අධිකරණයට ඉදිරිපත් කළහොත් ඇප ලබාගැනීමට හෝ අධිකරණයේ දඬුවම් නොකර ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට හෝ අවශ්‍ය නීතිමය උත්සාහන් කරන බවද හෙතම ප්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post