News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
12

ඩුබායි පොලිසියේ අමල් සහ නදීමාල්ගේ ගීත වාදනය වෙයි

3177 Views


ඩුබායි පොලිසියේ අමල් සහ නදීමාල්ගේ ගීත වාදනය වෙයි

අද දිනයේදී අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඩුබායි පොලිසිය වෙත ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සිය කරුණු දැක්වීමේදී තමන් පෙනී සිටින පුද්ගලයින් දෙදෙනා ශ්‍රී ලංකාවේ වෘතීමය ගායකයින් බවත් එම නිසා ලොව වටා ප්‍රසංග සදහා සහභාගිවන බවත් පෙන්වා දී තිබුණා. එමෙන්ම ඔවුන්ගේ ගීත ඩුබායි පොලිසියේදී Youtube හරහා ප්‍රචාරය කර පෙන්වීමටත් ඔහු කටයුතු කර තිබුණා. අමල් සහ නදීමාල් ඩුබායි පැමිණ ඇත්තේ එවන් ප්‍රසංගයකට සහභාගීවීමට පමණක් බවත් මොවුන් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් නොවන බවත් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා පෙන්වා දී තිබුණා. එමෙන්ම නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පලයන්හි විෂ මත්ද්‍රව්‍ය අඩංගු වී නොමැති බව අද දිනයේදී ඩුබායි පොලිසිය තමන්ට නිල වශයෙන් දැන්වූ බවත් නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සියත 24 වෙත කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post