News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
12

සාධාරණ ලෙස වැටුප් වැඩි කිරිම් ඉල්ලා ජ.වි.පෙ වීදි බසියි

986 Views


සාධාරණ ලෙස වැටුප් වැඩි කිරිම් ඉල්ලා ජ.වි.පෙ වීදි බසියි

රාජ්‍ය හා පෞද්ගලික සේවකයන්ට සහ වතු ජනතාවට සාධාරණ වැටුපක් ලබා ගැනීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සඳහන් කරනවා.

මේ අනුව 2015 වසරේ සිට මේ දක්වා කාලය තුළ ජීවන වියදම රුපියල් දාහතරදහසකින් ඉහළ ගොස් තිබෙන බවත්, එම කාලයට සාපේක්‍ෂව කිසිදු අංශයක වැටුප් වැඩිවී නොමැති බවත් එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කලා.

මේ නිසා ජීවන වියදමට සරිලන ලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුප් වැඩිවිය යුතු බවත්, මීට අමතරව අහිමි කළ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප නැවත ඇතිකළ යුතු බවත් හෙතෙම පවසා සිටියා.

ජීවන වියදමට සරිලන ලෙස වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා අද (12දා) කොටුව දුම්රියපළ ඉදිරිපිටදී අත්පත්‍රිකා බෙදාදීමේ අවස්ථාවට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ සභාපතිවරයා, වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහසක් බවට පත්කළ යුතු බවද පවසා සිටියා.

වතු හාම්පුතුන් කැමැත්ත ප්‍රකාශ කරනුයේ රුපියල් හත්සියයක් ලබා දීමට නම්, ඉතිරි මුදල රජයෙන් ලබාදිය යුතු බවද ඔහු පැවසීය.

අයිතීන් දිනා ගැනීම සඳහා පළමු ක්‍රියාමාර්ගය ලෙස අත්පත්‍රිකා දසලක්‍ෂයක් බෙදාහරින බවත්, ඉන් පසුව සටන ජයග්‍රහණය කර ගැනීමට අවශ්‍ය අනෙකුත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් සභාපතිවරයා පවසා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post