News Line| Off Air
Generic placeholder image

Feb
13

අමල් මධූෂ් හා නාලක සබඳතා ගැන සොයයි

755 Views


අමල් මධූෂ් හා නාලක සබඳතා ගැන සොයයි

ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල නායක මාකඳුරේ මධූෂ් සහ ජනප්‍රිය ගායන ශිල්පි අමල් පෙරේරා සමග හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කුමන ආකාරයේ සබඳතාවක් පැවැත්වූයේද යන්න පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (13දා) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පරීක්ෂණය ජාත්‍යන්තර පොලීසිය හරහා සිදුකරන බවත් ඔවුහු පැවැසූහ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දුන්නේය.

2016 වසරේදී ගායන ශිල්පි අමල් පෙරේරා හා හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර සබඳතාවක් පැවැතී ඇතැයිද මෙහිදි සඳහන් කෙරිණි.

නාලක ද සිල්වා මහතා නැවතත් එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියෝග කළේය.


News Articles
Latest Videos
Most Popular Post