News Line| Off Air
Generic placeholder image

Feb
13

අවිවාහක තරුණ තරුණියන්ට පර්චස් 55ක ඉඩමක්

8751 Views


අවිවාහක තරුණ තරුණියන්ට පර්චස් 55ක ඉඩමක්

අවිවාහක තරුණ තරණියන් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීම සඳහා එක්වරක් ලබාදෙන දිරිගැන්වීමක් ලෙස තමන්ගේම නිවසක් ඉදිකර ගැනීමට පර්චස් 15ක ඉඩමක් හා කෘෂි කාර්මික කාර්යයන් සඳමා පර්චස් 40ක වගා බිමක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීමටත් තරුණ ගොවි සමූපකාර ගම්මාන වැඩසටහන හරහා ඔවුන්ව ජජාතික ආර්ථිකයට දායක කර ගැනීමටත් මේ හරහා අපේක්ෂා කරයි.

හම්බන්තොටදී පැවැත්වීමට නියමිත 2019 යොවුන්පුරය වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක වෙයි.

මේ සඳහා වන යෝජනාව නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post