News Line| Off Air
Generic placeholder image

Feb
13

ඉදිරියේදි ඩෙංගු වර්ධනය විමේ අවධානමක්

666 Views


ඉදිරියේදි ඩෙංගු වර්ධනය විමේ අවධානමක්

දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

තවද පරිසරය තුළ මදුරුවන් බෝවිය හැකි ජලය රැදුණු ස්ථාන සුලභව ඇතිවිය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ විමේ අවධානම ඉහළ යා හැක. මේ තත්ත්වය අවම කර ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැලැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දන විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන.14 හා 15 යන දිනයන්හිදි පැවැත්වීමට කටයුතු සලසා ඇත.

මෙය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය යන දිස්ත්‍රික්කවල හදුනාගත් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ජනාධිපති කාර්යසාධක බලකාය හා ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව මෙය ක්‍රියාත්මක වෙනවා.

මෙහිදී නිවාස, පාසල් , වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන පොදු ස්ථාන ඇතුළු සමස්ත පරිශ්‍ර නිරීක්‍ෂණයට ලක් කරන අතර මදුරුවන් බෝවන හෝ බෝ විය හැකි ස්ථාන හදුනා ගත්විට ප්‍රජාව සමඟ ඒකාබද්ධව ඔවුන්ගේ සහභාගීත්වයෙන් එම ස්ථාන ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කරනු ලැබෙනවා.

මෙම විශේෂ ක්ෂේත්‍ර වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 650ක් පමණ එක්දිනකට සිය දායකත්වය ලබා දෙනවා.

අවම වශයෙන් සතියකට වරක් විනාඩි 30ක් තම වටපිටාව ආශ්‍රිතව මදුරුවන් බෝවිය හැකි හෝ බෝවන ස්ථාන ඇත්දැයි සොයාබලා එම ස්ථාන ඉවත් කර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාව වෙත අවධාරණය කරයි.


News Articles
Latest Videos
Most Popular Post