News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
13

ඩුබායිහිදී ඇල්ලූ කංජිපානිගේ මූල්‍ය පාලකයාත් STF දැලේ

805 Views


ඩුබායිහිදී ඇල්ලූ කංජිපානිගේ මූල්‍ය පාලකයාත් STF දැලේ

මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගැනුණු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කංජිපානි ඉම්රාන්ගේ මූල්‍ය කටයුතු භාරව සිටි පුද්ගලයා පොලිස් විශේෂ කාර්යය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, මාලිගාවත්ත ප‍්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදීයි.

මොහොමඩ් අස්වර් නමැති එම සැකකරුගේ මෝටර් රථයක් ද සිය භාරයට ගත් බවයි විශේෂ කාර්යය බලකාය පැවසුවේ. එහි තිබී හෙරොයින් ග‍්‍රෑම් 05ක්ද සොයා ගෙන තිබෙනවා. මෙම සැකකරු පංචිකාවත්ත ප‍්‍රදේශයේ මහල් 05කින් යුත් වාහන අමතර කොටස් අලෙවිසැලක් විවෘත කිරීමට සූදානමින් සිට ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post