News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
13

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

552 Views


නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන 27 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතික සැකකරු ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක අද නියෝග කළේ.

මෙර්සිලි තෝමස් නමැති ඉන්දීය ජාතික සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබද කරුණු මීළග දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා එහිදී පොලිසියට නියෝග කළේ.


News Articles
Latest Videos
Most Popular Post