News Line| Off Air
Generic placeholder image

Feb
13

පේරා හා මොරටු සරසවි ශාඛා මාලදිවයිනට, සරසවි සදහා වෙනම දූපතකුත් දෙයි

3870 Views


පේරා හා මොරටු සරසවි ශාඛා මාලදිවයිනට, සරසවි සදහා වෙනම දූපතකුත් දෙයි

පේරාදෙණිය සහ මොරටුව විශ්ව විද්‍යාලවල ශාඛාවන් මාලදිවයිනේ පිහිටු වීමට එම රටේ ජනාධිපති එකඟත්වය පළ කර තිබෙනවා.ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ශාඛාවන් පිටරටක පිහිටු වීමට ලැබීම, ලංකාවේ අධ්‍යාපන මට්ටම ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීමට ලැබුණු අවස්ථාවක් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.මහනුවර යහලතැන්න මුස්ලිම් විද්‍යාලයේ පැවති ක්‍රීඩා උත්සවයේ දී ඇමති රවුෆ් හකීම් මේ බව අනාවරණය කලා.

මාලදිවයිනේ ජනපති ඊබ්‍රහිම් සෝලි මහතා ශ්‍රී ලංකාවේ 71වැනි ජාතික දින සැමරුමේ ආරාධිත අමුත්තා ලෙස එක්වූ අතර එහිදී පැවැති සාකච්ඡාවලදී මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.මෙම ව්‍යාපෘතිය සඳහා මාලදිවයිනේ තනි දූපතක් ලබා දීමටත් නියමිතය. එහි සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුල් අවුරුදු දෙකේ මාලදිවයින් ශාඛාවෙන් අධ්‍යාපන කටයුතු හදාරා අවසන් අවුරුදු දෙකේ ශ්‍රී ලංකාවට පැමිණ එම පාඨමාලාව සම්පූර්ණ කළ යුතු වෙයි.


News Articles
Latest Videos
Most Popular Post