News Line| Off Air
Generic placeholder image

Feb
13

මත්කුඩු ජාවාරම මැඩලීමට බොහෝ කාලයක පෙර සිට සැලසුම් සකස් කළා

689 Views


මත්කුඩු ජාවාරම මැඩලීමට බොහෝ කාලයක පෙර සිට සැලසුම් සකස් කළා

ස්වාධින කොමිෂන් සභා පිළිබඳව විවේචනය කිරීම හරහා මත් කුඩු ජාවාරම මැඬලීමට දියත් කර ඇති වැඩපිළිවෙළ අඩපණ විය හැකි බවත් බංකොලොත් දේශපාලඥයින්ට අධිකරණය දේශපාලන පාපන්දුවක් කර ගැනිමට ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

මාලිගාවත්ත ලක්හිරු සෙවණ ව්‍යාපෘතියේ දෙවැනි අදියරේ නිවාස 384ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (12දා) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝෂනය යටතේ ස්වාධීන කොමිෂන් සභා  ස්ථාපිත කර මත්කුඩු ජාවාරම මැඩලීමට දිගු කලක සිට සැලසුම් සකස් කිරීමේ සාර්ථක ප්‍රතිඵල පසුගිය කාලයේ ලබාගැනීමට හැකිවූ බවත් ඔහු පැවැසීය.

එසේම පදනමක් නොමැතිව විවේචන කරමින් එම වැඩපිළිවෙල අඩපණ නොකර දේශපාලන බේදයකින් තොරව ක්‍රියාකරමින් උවදුරට මැඬලිය  යුතු බවත් ඔහු සඳහන්කළේය.

අගමැති මෙහිදී කළ කතාව


News Articles
Latest Videos
Most Popular Post