News Line| Off Air
Generic placeholder image

Feb
13

ලතීෆ් බුඩායි ගිය බවට හුවමාරුවන ඡායාරූපවල ඇත්ත

1075 Views


ලතීෆ් බුඩායි ගිය බවට හුවමාරුවන ඡායාරූපවල ඇත්ත

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් ඩුබායි වෙත ගොස් ඇතැයි සමාජ මාධ්‍යයන්ගේ පැතිර යන ප‍්‍රචාර සත්‍යයෙන් තොර බව මාධ්‍යය කළ සොයා බැලීමකදී හෙළි වුණා.

එම්. ආර්. ලතීෆ් ඩුබායිහි සිටින බවට දැක්වෙන ඇතැම් ඡායාරූප ද සමාජ මාධ්‍යයන්ගේ හුවමාරු වන නමුත් ඒවා ද මෑතකදී ලබාගත් ඒවා නොවන බවයි වාර්තා වෙන්නේ.

ඉකුත් 2013 වසරේ ඩුබායිහි පැවති ජාත්‍යන්තර සමුළුවක් සඳහා එවකට පොලිස්පතිවරයා වූ එන්. කේ. ඉලංගකෝන් හරහා ශ‍්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට ආරාධනාවක් ලැබී තිබුණා.

පොලිස්පතිවරයාගේ නිර්දේශය යටතේ මෙම සමුළුව සඳහා සහභාගී වී ඇත්තේ එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ව සිටි එම්. ආර්. ලතීෆුයි. ඩුබායි රාජ්‍යයේ දී ඔහුට උණුසුම් පිළිගැනීමක් ලැබී තිබුණු අතර සමුළුවේ ප‍්‍රධාන දේශනය සිදු කර ඇත්තේ ද ඔහු විසින්.

මේ දිනවල සමාජ මාධ්‍යන්ගේ හුවමාරු වෙමින් ඇත්තේ එම්. ආර්. ලතීෆ් ඩුබායිහි 2013 වසරේ සිදු කළ මෙම සංචාරයට අදාළ ඡායාරූපයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් අණදෙන, පොලිස් විශේෂ කාර්ය බලකාය මත්ද්‍රව්‍ය මැඞීමේ මෙහෙයුම්වල ඉදිරියෙන්ම සිටිනවා. කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකදූරේ මදූෂ් ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මෙහෙයුමට ද ඔවුන්ගේ සහය ලැබුණු බවයි පැවසෙන්නේ.

(අදාළ ප්‍රශ්නගත ඡායාරූප පහතින් දැක්වෙයි)


News Articles
Latest Videos
Most Popular Post