News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

ඇමති සහෝදරයන්ගේ ජාවාරම් ගැන විශේෂ හෙළිදරව්වක්

735 Views


ඇමති සහෝදරයන්ගේ ජාවාරම් ගැන විශේෂ හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවට කුළු බඩු ආනයනය කිරීම තහනම් කිරීම ‘අස්සයා ගිය පසු ඉස්තාලය වැසීම’ වැනි වැඩක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරනවා.

අද (14දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“කුරුදු ගම්මිරිස් වසාවාසී ඇතුළු දේවල් ආනයනය නතර කරන්න කැබිනට් පත්‍රිකාවක් දාන බව පුවත් පත් වාර්තා කරලා තියෙනවා. වසර හතරක් තිස්සේ දේශීය ගොවියාට කරන්න තියෙන හානිය කරලා වසර හතරකට පස්සේ අශ්වයා පැනලා ගියාට පස්සේ ඉස්තාලය වහනවා වගේ දැන් කියනවා ආනයනය සම්පූර්ණයෙන් අත් හරිනවාලු.

ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබල ඇමැතිවරු තමුන්ගේ සහෝදරයින් ළවා කුරුදු ගම්මිරස් ගෙනත් ලාංකීය නාමයෙන් ප්‍රති අපනයනය කරලා ශ්‍රී ලාංකීය වෙළද නාමය විනාශ කළා. අනෙක් පැත්තෙන් ගොවියා අනාත කරලා දැම්මා.”


News Articles
Latest Videos
Most Popular Post