News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
14

කිරිපිටිවල ඇති ඌරු තෙල් ගැන සොයන්න ගැඹුරු වැඩපිළිවෙලක් අවශ්‍යයි

670 Views


කිරිපිටිවල ඇති ඌරු තෙල් ගැන සොයන්න ගැඹුරු වැඩපිළිවෙලක් අවශ්‍යයි

කුමන තත්ත්වයක යටතේ වුවද කිරිපිටි සමාගම්වල අවශ්‍යතා අනුව කටයුතු කිරීමට ආණ්ඩුව සූදානම් නැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ප්‍රකාශ කරනවා.

වෙළඳපොල තුළ මේ වනවිට මතුව තිබෙන කිරිපිට හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

ආනයනික කිරිපිටිවල ගුණාත්මක භාවය සොයා බැලීම සඳහා පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එහිදී “දැනට බරපතල චෝදනා ඇවිල්ලා තියෙනවා මේ කිරිපිටිවල තියෙන සැබෑ කිරි ප්‍රෝටීන එළියට අරගෙන මෙලමයින් සහ ඪ්Cඪ් ඇතුල් කරනවා කියලා.

ඒ වගේම මේ කිරිපිටිවල තියෙන මේද කොටස් එළියට අරගෙන ෆාම් ඔයිල් සහ ඌරු තෙල් වගේ මේද ඇතුල් කරනවා කියලත් චෝදනාවක් ආවා.

ඒ නිසා මේ සම්බන්ධයෙන් ගැඹුරු වැඩපිළිවෙලක් අවශ්‍යයි. ජනාධිපති පරීක්ෂණ කොමිසමක් හෝ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මේ සඳහා අවශ්‍යයි කියලා මම කියනවා.” යනුවෙන් සඳහන් කළා.

මේ වනවිට පවතින හිඟයට ආනයනික කිරිපිටි තොග රේගුවෙන් නිදහස් කර නොගැනීම මෙන්ම තවත් කරුණු කිහිපයක් බලපා හැකි බවයි පාරිභෝගික අයිතීන් සුරකීමේ සංවිධානය පෙන්වා දෙන්නේ.

එහි සභාපති රංජිත් විතානගේ මේ බව සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post