News Line| Off Air
Generic placeholder image

Feb
14

ඩුබායි හා සිංගප්පූරුව සමග උදර්පණ ගිවිසුම් අත්සන් කළ යුතුයි

571 Views


ඩුබායි හා සිංගප්පූරුව සමග උදර්පණ ගිවිසුම් අත්සන් කළ යුතුයි

අපරාධකරුවන් හුවමාරු කර ගැනිමට අදාළව උදර්පණ ගිවිසුම් ඩුබායි හා සිංගප්පූරුව සමග ඇතිකර ගත යුතුය ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අද (14දා) කලුතරදී පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඒසේම ඉදිරිපත් කිරිමට නියමිත අයවැයෙන් රුපියලක් සංවර්ධනය වෙනුවෙන් වැය කරන විට රුපියල් තුනක් ණය ගෙවීම වෙනුවෙන් වැය කිරිමට සිදුව ඇතැයිද ඔහු සඳහන් කළේය.

“මාර්තු 5 අයවැයේ තිබෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි රුපියලක් සංවර්ධනයට වියදම් කරන කොට රුපියල් 3 ක් ණය ගෙවන්න සිදුවෙලා තිබේ.

ඒකට ප‍්‍රධානම ප‍්‍රශ්නය 2004 ඉඳන් අපි සහන ණය නෙමෙයි අරන් තියෙන්නේ වාණිජ ණය. වාණිජ ණය කියන්නේ පොලිය වැඩියි. ඒ වගේම එම ණය ඉක්මනට ගෙවන්න ඕනේ. මේ විශාල ණය බර ගැටලූවට අපට ඉස්සරහ අවුරුදු තුන හතරෙත් මේ රටට මුහුණ දෙන්න වෙනවා.

මේ රටේ අපරාධ කරලා කට්ටිය පැනල ගිහින් පිටරටවල්වල හැංගිලා ඉන්නවා. මාකඳුරේ මධූෂ් විතරක් නෙමෙයි, උදයංග වීරතුංග, අර්ජුන මහේන්ද්‍රන් වගේම ජාලිය වීරතුංග වැනි අය ඉන්නවා.

ඒ වගේ මේ රටේ අපරාධ කර ඔවුන්ගේ සහන භූමි හැටියට ඩුබායි හරි සිංගප්පූරු හරි වෙනත් රටක් එක්ක හරි අපි ඉක්මනකටම උදර්පන නීති ඇති කර මේ පිරිස ගෙන ආ යුතුයි. ඇත්තටම අපි දන්නේ නැහැ මේ සමාජයේ ඉතාමත් වැදගත් හොඳ මිනිසුන් හැටියට පෙනී සිටින රජයේ නිලධාරීන්. දේශපාලකයින් ඒ වගේම ඇතැම් ව්‍යාපාරිකයන්, කලාකාරයින් කියන අයත් ඇත්තටම කරගෙන යන්නේ වෙනස් දේවල්.”


News Articles
Latest Videos
Most Popular Post