ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ පවසනවා.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ කිසිදු බෙදීමක් නොමැති බවයි මන්ත‍්‍රීවරයා පෙන්වා දුන්නේ.
එහිදී මන්ත්‍රීවරයා සඳහන් කළේ,
”රාජපක්ෂ පවුල කියන්නෙ සමගිය , ආදර්ශය මුලු රටටම දීපු පවුලක්. සමහර වෙලාවට අපි දන්නවා විපක්ශයේ කඩා වැටීම් දේශපාලඥයො අපි අතරෙ පිල් හදන්න හදනවා. ගෝඨා පිල එහෙම නැත්නම් බැසිල් රාජපක්ශ පිල චමල් පිල කියලා පිල් නෑ.අපිට තියෙන්නෙ එක පිලයි මහින්ද රාජපක්ශ මහත්තයා ප්‍රමුඛ සියලු රාජපක්ශවරුන්ගේ පිල පමණයි අපිට තියෙන්නෙ. මීලඟ ජනාධිපතිවරයා පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වෙන රාජපක්ශවරයෙක්. එතුමා ඉදිරිපත් වෙනවා කියන එක ස්ථීරයි , නිශ්චිතයි..”
යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වා සිටියා.