News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
15

පුත්තලමේ හර්තාල්

660 Views


පුත්තලමේ හර්තාල්

ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ 2000 කට ආසන්න සියලුම වෙළදසැල් වසා දමා හර්තාල් ව්‍යාපාරයක් අද (15දා) දින උදේ සිට ආරම්භ විමත් සමග නගරයට විවිධ අවශ්‍යතා සදහා පැමිණි පිරිස් දැඩි අසිරුතාවයට පත්වි ආපසු යනු දැක ගත හැකිවිය.

ඉදිකරමින් පවතින අරුවක්කාලු කසළ අංගනයට විරෝධය දක්වමින් 13 දින සිට ‘කළු දිනය’ ලෙස ට නම් කරමින් මෙම විරෝධතාවය පැවැත්වු අතර එහි අවසන් දින වූ 15 දින මෙසේ හර්තාල් ව්‍යාපාරයක් අරඹා තිබු බව කියයි.

පුත්තලම නගරයේ රාජ්‍ය අංශවල ආයතන කිපයක් හැර සියලුම පෞද්ගලික වෙළඳසැල් , ඖෂධසැල් , ආපන ශාලා , වෙනත් අත්‍යවශ්‍ය , ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථාන සියල්ලක්ම වැසි තිබු ආකාරය දැක ගත හැකි විය.

එසේම නගරය පුරා පොලිස් නිළධාරීන් යොදවමින් ආරක්ෂාව තර කර තිබූ අයුරුද දැක ගත හැකි විනි.


News Articles
Latest Videos
Most Popular Post