News Line| Off Air
Generic placeholder image

Feb
15

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමයේ විරෝධය

616 Views


ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමයේ විරෝධය

කුමන තත්ත්වයක් යටතේ වුවත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා.

ඒ අනුව මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකර සිටීමට මීට පෙර ගනු ලැබූ තීන්දුව මත තවදුරටත් පිහිටා සිටින්නැයි ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසනවා. යුරෝපා සංගමය සහ ශී‍්‍ර ලංකා නියෝජිතයන් අතර ඊයේ (14) පැවති සාකච්ඡාකින් පසු මෙම අදහස් ප‍්‍රකාශ කෙරුණා.

මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමට සහ ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ ශී‍්‍ර ලංකාව මෙහිදී එකගවී ඇත. දෙපාර්ශවය අතර මීළග සාකච්ඡුාව ලබන වසරේ කොළඹදී පැවැත්වීමටද එකගතාවක් ඇතිකර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post