News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
18

දෙවනගල පිං බිමේ නාමපුවරුවේ පෝස්ටර් ගහලා

771 Views


දෙවනගල පිං බිමේ නාමපුවරුවේ පෝස්ටර් ගහලා

වර්තමානයේ බොහෝ තරුණ පිරිස් එකමුතුව නගර පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වෙද්දි සුවිශේෂී පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැසකින් සමන්විත දෙවනගල රජමහා විහාරස්ථානයේ නාම පුවරුවේ දේශපාලන පෝස්ටර් කිහිපයක් අලවා තිබෙන ආකාරය දැක්වෙන ජායාරූප කිහිපයක් මේ දිනවල සමාජ ජාල මධ්‍යයන්හි හුවමාරු වෙමින් පවතිනවා.

පසුගිය සමයේ එල්ල වූ බොහෝ තාඩන පීඩන හමුවේ මෙම විහාරස්ථානය රැකගත් මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් බොහෝ පිරිසකගේ සහය ඇතිව මෙම විහාරස්ථානය සංවර්ධනය කරමින් පවතිනවා. එවන් තත්වයක් තුල පුරාවිද්‍යාත්මක, ඓතිහාසික මෙන්ම ආගමික වටිනාකමක් සහිත මෙවැනි පිං බිමක් හඳුනාගැනීම වෙනුවෙන් සකස් කර තිබෙන නාම පුවරුවකයි මෙලෙස දැන්වීම් ඇලවීම කාගේත් දෝෂාරෝපනයට ලක්වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post