හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් පෙරහැර හේතුවෙන් අද (18) සහ හෙට (19) රාති‍්‍ර හතේ සිට ඒ අවට මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය පවසනවා.
ඒ අනුව සර් ජේම්ස් පීරිස් මාවත, කොම්පඤ්ඤවීදියේ වටරවුමේ සිට පිත්තල හන්දිය දක්වා කොටසෙහි රථ වාහන ධාවනය සීමා කෙරෙනු ඇති. එම කාල සීමාවේදී විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ට දැනුම් දෙන්නේ.