News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

කොකේන් භාවිතා කරන 24 දෙනාගේ නම් පමණක් හෙළි කරන්න – මහින්ද

1486 Views


කොකේන් භාවිතා කරන 24 දෙනාගේ නම් පමණක් හෙළි කරන්න – මහින්ද

මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද යන්න පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 225 දෙනාගේම පරීක්ෂණයක් කිරීම අනවශ්‍ය බවත්  කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන  බව පැවසෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 දෙනාගේ නම් හෙළිකර ඔවුන්ගේ පමණක් රැධිරය පරීක්ෂා කර බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතා කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 24 ක් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකර තිබු ප්‍රකාශය සම්බන්ධයෙන් අද(20දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් රාජපක්ෂ  මහතා මෙ බව පැවසිය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

පාර්ලිමේන්තුවේ හැමෝම රැධිර පරීක්ෂා  කරන්න යන්න ඕන නැහැ. මොකද ජිවිතේට කොකේන් දැකලා නැති අයත් ඉන්නවා. ඒ නිසා මුලින්ම මේ 24 දෙනා හෙළි කරලා ඒ අයගේ පරීක්ෂණයක් කරන්න. එහෙම නොවුණොත් ලොකු අපරාධයක් වෙනවා යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post