News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
20

කෝටි 700 දියමන්ති කොල්ලයේ සුලමුල එළියට කොල්ලයෙන් පසු මදුෂ් සියල්ල හසුරවා ඇත්තේ imo හරහා

1681 Views


කෝටි 700 දියමන්ති කොල්ලයේ සුලමුල එළියට කොල්ලයෙන් පසු මදුෂ් සියල්ල හසුරවා ඇත්තේ imo හරහා

ඩුබායි හි දැනට අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙහෙයවූ බවට පැවසෙන රුපියල් කෝටි 700 ක වටිනාකමකින් යුත් මැණික් සහ දියමන්ති කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පළමු සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රකාශ කළේ පාදුක්කේදී අත්අඩංගුවට ගත් ඔරුවල – අතුරුගිරියේ පදිංචි රවීන්ද්‍ර නාලක රණසිංහ හෙවත් ලොකු අයියා ලෙස හඳුන්වන මෙම සැකකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණ වී ඇති බවයි.

එමෙන්ම කොල්ලකෑමේ සිද්ධියට අදාළව ඊයේ අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන 31 හැවිරිදි කසුන් ධනංජය හෙවත් වෙඩිකන්දේ කසුන් නැමැත්තා අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය වසරේ නොවැම්බර් 5 වනදා පොලිස් නිල ඇඳුමින් සහ සිවිල් ඇඳුමින් සැරසුනු පිරිසක් පන්නිපිටිය ප්‍රදේශයේ නිවසක තිබූ මෙම මැණික් සහ දියමන්තිය කොල්ලකා තිබුණා.මේ සිද්ධියට අදාළව රස පරීක්ෂක වෙත යොමුකල දුරකථනයේ මෙම දියමන්තියේ ජායාරූප ඊමෝ තාක්ෂණය ඔස්සේ මදූෂ්ට යවා ඇති බවත් ඔවුන් කතාබහකල ඇමතුම් පටිගත වී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.


News Articles
Latest Videos
Most Popular Post