News Line| Off Air| Games
Generic placeholder image

Feb
20

ජයන්ත සමග ක්‍රිකට් සටනට ශම්මි

1576 Views


ජයන්ත සමග ක්‍රිකට් සටනට ශම්මි

හෙට (21) පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයේ දී ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා ජයන්ත ධර්මදාස මහතා සමග සටන් කරන එකම අපේක්ෂකයා බවට සී.සී.සී ක්‍රිකට් සමාජයේ සභාපති ශම්මි සිල්වා මහතා පත්විය.

ක්‍රිකට් ආයතන සභාපති ධුරයට නාමයෝජනා භාර දුන් මොහාන් ද සිල්වා මහතාගේ නාමයෝජනාව මීට පෙර ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව ඔහු අධිකරණයට ගියේය.

අද (20දා) අධිකරණයේ දී ධර්මදාස පාර්ශ්වයේ එකඟතාව මත මොහාන් ද සිල්වා මහතා ක්‍රිකට් ලේකම් තනතුරට තරග කිරීමට එකඟ වූ අතර මේ අනුව ෂම්මි සිල්වා මහතා සහ ජයන්ත ධර්මදාස මහතා අතර පමණක් ක්‍රිකට් සභාපති ධුරයට හෙට ඡන්ද විමසීමේ දී සටන පැවැත්වෙනු ඇත.

හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු, ජාතික ස්කෝෂ් ක්‍රීඩකයෙකු හා ජාතික ස්කොෂ් පුහුණුකරුවෙකු ලෙසද කටයුතු කර ඇති ක්‍රීඩා පරිපාලනයේ දක්ෂයෙකු වන ශම්මි සිල්වා මහතාගේ මග පෙන්වීම යටතේ සී.සී.සී. කණ්ඩායම මෙවර ප්‍රෙමියර් ලීග් ශුරතාවය දිනා ගත් අතර ඔවුන්ගේ රග්බි කණ්ඩායම වන CH&FC කණ්ඩායම වසර 19 කට පසුව රග්බි ලීග් සටහනේ තෙවැනි තැන දක්වා ඉහළට පැමිණියේය. එසේම අන්තර් සමාජ හොකී ශූරතාව දිනා ගැනීමටද CH&FC කණ්ඩායම මෙවර සමත් විය.


News Articles
Latest Videos
Most Popular Post