News Line| Off Air
Generic placeholder image

Feb
20

ඥානසාර හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමගෙන් චෝදනාවක්

789 Views


ඥානසාර හිමියන්ගේ ශිෂ්‍ය හිමිනමගෙන් චෝදනාවක්

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධ තොරතුරක් හෝ උන්වහන්සේගේ ඡායාරූප පළකරන මුහුණුපොත් ගිණුම් (ෆේස්බුක් ගිණුම්) අක්‍රිය කිරීමේ වැඩපිළිවෙලක් දියත් වෙමින් තිබෙන බව ඥානසාර හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍ය හිමිනම වන වීරකැටියේ දයාසීහ හිමියෝ අද (20දා) පැවසූහ.

ඥානසාර හිමියන්ගේ නම සඳහන් කළ පමණින් තම ෆේස්බුක් ගිණුම අක්‍රිය වී ඇතැයි සඳහන් කරමින් බොදුබල සේනා සංවිධානය වෙත දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් පැමිණිලි රාශියක් ලැබී තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.

නාවල පාර, රාජගිරියේ පිහිටි සද්ධර්මරාජික විහාරයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකැටියේ දයාසීහ හිමියෝ ප්‍රකාශ කළේ, මේ සම්බන්ධව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමටද යොදාගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post