News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
20

විදුලි සෝපානයේදී තරුණියකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය ලංකාවේද? ඇත්ත නැත්ත මෙන්න – සංවේදී අය නැරඹීමෙන් වලකින්න

1262 Views


විදුලි සෝපානයේදී තරුණියකට අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය ලංකාවේද? ඇත්ත නැත්ත මෙන්න – සංවේදී අය නැරඹීමෙන් වලකින්න

ලංකාවේ සුපිරි වෙළඳ සංකීර්ණයක විදුලි සෝපානයක් ඇතුළේදී තරුණිකට පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් පසුගියදා විශාල කතාබහක් ඇති වුණා. එහිදී එම තරුණියට කිසියම් පුද්ගලයෙක් විසින් ප්‍රහාර එල්ල කරන ආකාරය අසල තිබූ සීසීටීවී කැමරාවක සටහන් වී තිබුණා. මෙලෙස මෙම පුද්ගලයා එම තරුණියට පහර දෙන්නේ ඇයගේ ගමන් මල්ල උදුරා ගැනීම සඳහායි. එම දරුණු ප්‍රහාරය හේතුවෙන් මෙය ලෝකය වටා කතාබහට ලක් වුණා.

නමුත් සියත 24 අප කල අනාවර්ණයකදී අපට දැනගන්නට ලැබුණේ ඇත්ත වශයෙන්ම මෙය ලංකාවේ සිදු වූ සිදු වීමක් නොව මැලේසියාවේ සිදු වූ සිදුවීමක් බවයි. මැලේසියානු රජයෙන් මෙම ක්‍රියාව සිදු කළ පුද්ගලයා කෙරෙහි විශේෂ අවධානය යොමු කර තිබෙන අතර ඔහුව සොයා දෙන අයෙකුට Ringgit 10000 ක මුදලක් ලබාදෙන බව ඔවුන් සඳහන් කරනවා.

මෙම සිදුවීම බොහෝ දෙනා දැන සිටින්නේ ලංකාවේ සිදු වූ සිදුවීමක් ලෙසයි. නමුත් මෙය සැබැවින්ම සිදු වී තිබෙන්නේ මැලේසියාවේදීයි. ඔබත් මෙවැනි ආකාරයට සොයන්නේ බලන්නේ නැතුව වීඩියෝස්, තොරතුරු හුවමාරු කරගන්නේ නම් ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරන්නේ ඔබගේ රටේ කීර්ති නාමයට කැලලක්. විශේශිකයින් පවා ලංකාව සම්බන්ධයෙන් මෙවැනි ප්‍රතිරූපයක් ගොඩනගා ගත් විට පාඩු සිදුවන්නේද අප රටටමයි.

සියත 24 අප ඔබට ඉතාමත් අවධාරණයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි තොරතුරු හුවමාරු කරන විට ඉතාමත් සැලකිලිමත්ව නිවැරදි දේ දැනගෙන තොරතුරු හුවමාරු කරන ලෙසයි.

අදාල සිද්ධියට සම්බන්ධ වීඩියෝව පහතින් නැරඹිය හැක.සංවේදී අය නැරඹීමෙන් වලකින්න.

https://youtu.be/moU037GEoeE


News Articles
Latest Videos
Most Popular Post