News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
20

සමූහ මිණිවල සම්බන්ධයෙන් අධිකරණ වාර්තාව ප්‍රකාශයට පත් කරන්න බෑ

749 Views


සමූහ මිණිවල සම්බන්ධයෙන් අධිකරණ වාර්තාව ප්‍රකාශයට පත් කරන්න බෑ

මන්නාරම සමූහ මිණි වලේ සිරුරුවල කාල නිර්ණය පිළිබඳ වූ කාබන් වාර්තාව ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය සෘජුවම ලිඛිතව මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළා.

මහේස්ත්‍රාත්වරයා මන්නාරම විවෘත අධිකරණයේදී අද (20) දින ඒ බව ප්‍රකාශ කළේ අතුරුදන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මෝසමක් මගින් අද දහවල් නඩුව කැඳවු අවස්ථාවේදීය.

අධිකරණ වෛද්‍යවරයා අද උදෑසන මහේස්ත්‍රාත්වරයාට ලබා දුන් කාබන් කාල නිර්ණය වාර්තාවේ පිටපතක් නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන ලෙස අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ වාර්තාව නිල වශයෙන් අදාළ ආයතනයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට එවා නොමැති වීමෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ විසින් දුන් පිටපත ප්‍රකාශයට පත් කළ නොහැකි බවත් නිල පිටපත ලැබුණු පසු එය ප්‍රකාශයට පත් කරන බවත් මන්නාරම් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කොට සිටියේය.

මේ අනුව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මන්නාරම් ගොනු කොට තිබූ අදාල නඩුව මේ මස 25 වනදා දක්වා කල් දැමීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වණරාජ් මහතා නියෝග කොට සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post