News Line| Off Air| Games
Generic placeholder image

Feb
20

ආදරණීය නෙතුමි අපිට සමාවෙන්න – බුකිය ගිනිගත් තරුණියගේ වීඩියෝව වෙනුවෙන් තියපු සංවේදී සටහන

1544 Views


ආදරණීය නෙතුමි අපිට සමාවෙන්න – බුකිය ගිනිගත් තරුණියගේ වීඩියෝව වෙනුවෙන් තියපු සංවේදී සටහන

” සතුටින් ඉන්නකො හොඳේ ” මේ දවස් වල ගොඩක් අයගෙ කටේ තියෙන්නේ මේ වචන ටික. එක්තරා තරුණියක් විසින් ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවියට නිකුත් කළ වීඩියෝවකින් අනතුරුව මෙම තත්ත්වය ඇති වුණා. එම වීසියෝව නොබලපු කෙනෙක් නැති තරම්.ඒක ගොඩක් දෙනෙක්ට හාස්‍යට කාරණාවක් වුණාට ඒ කතාව පිටිපස්සෙ කවුරුත් නොදැකපු සංවේදී කතාවක් සියත 24 අපට හමු වුණා.පහතින් තියෙන්නේ එම සටහනයි.

ආදරණිය නෙතුමි …

අපිට සමාවෙන්න . මෙය අවසානය තෙක් කියවන්න . 
ඔබ පුංචි කෙල්ලෙක් . ඔබ දුටු ලෝකය කුරුණෑගලත් ,කුවේට් රාජ්‍යයේ වැලි බිඳක් තරම් පුංචි කොටසකුත් , ඔහුත් වන්නට ඇත . 
නමුත් ලෝකය එය නොවේ . ඔබ කිසිදා කිසිවෙකුත් නොරිදවූ සංවේදී හදවතක් ඇති කෙල්ලෙකු වන්නට ඇත . ඒ නිසාම 
ඔබට දුකක් දරාගන්නේ කෙසේද කියා තේරුමක් තිබෙන්නට නැතිව ඇති . අපි දැන් ඔහුව පැත්තකින් තබමු .මතක තබාගන්න. ඔහු තරුවක්නම් ඔබ සඳක් . මා මෙතෙක් දුටු බොහෝ නිරූපණ ශිල්පිනියන්ට , නිළියන්ට වඩා ලස්සන , හුරුබුහුටි පුංචි කෙල්ලෙක් නුඹ .
නුඹේ වයසේ අනිත් කෙල්ලන් තවමත් උදේට අම්ම හදලා දෙන කිරි එක බීලා තාත්තා එක්ක , සහෝදරයෝ එක්ක හුරතල් වෙනකොට ,
නුඹ වැලිකතරේ ගිනියම් වේවි මාසේ අන්තිමට ගෙදරට එවන්න සල්ලි හොයන්න ඇති . මට මතකයි … නුඹ එක තැනකදී කිව්වා … වේලක් කෑවොත් වේල් දෙකක් නොකා දුක් වින්ද බව ඉස්සර . දන්නවද ? අපිත් එහෙමයි . මේ කොළඹ , නැත්නම් වෙන රටක දුක් විඳින නුඹ වගේ තව කෙල්ලෝ හුඟාක් ඉන්නවා . දවස් ගණන් උන් බඩගින්නේ .. ඒ විතරක්ද ? නුඹට තරම්ම දේවල් උන්ටත් වෙනවා . ජිවත් වෙන එක කොච්චර අමාරුද කියලා දැනෙන්නේ තමන් හුඟාක් ආදරේ කරන කෙනෙක්ගෙන් වෙන් වුණාම . විශේෂයෙන්ම එහෙම කෙනෙක්
අපිව ප්‍රතික්ශේප කළාම . හැබැයි උඹ හිතපන් නංගියේ ,

– තරුවක් වුණත් වැඩක්ද ? ඒ කොල්ලටත් උඹ ගැන හැඟීමක් නැත්නම් ?
– ඌව අපි කවුරුහරි එකතුවෙලා උස්සන් ඇවිල්ලා උඹ ලඟින් තිබ්බත් වැඩක්ද නංගියේ ? ඌ ඉගිල්ලිලා යන්න හදනවනම් ..
– ඌ රජෙක් වුණත් වැඩක්ද නංගියේ ? උඹේ කඳුළු බින්දුවක තියෙන දුක ඌ දන්නෙ නැතිනම් ..
– උඹ කොච්චර ඌට ආදරේ වුණත් වැඩක්ද නංගියේ ? ඌ උඹට කට අරින්න බැරි වෙන්න BLOCK කරලා දානවනම් ..

තේරුම් ගන්න .. 
මේ ජීවිතේ හැමදේම .. ඇති වෙන , නැති වෙන සුළුයි . ආදරෙත් එහෙමයි . ජීවිතෙත් එහෙමයි . හැමදේම එහෙමයි . 
උඹ live ආවේ නොතේරුම් කමට , උඹ ඒ කොල්ලට සැරට බැන්නේ නොමේරූ කමට . අපි උඹට හිනා වුණේ එතකොට ?
අපි උඹට වඩා අන්තයි බං . සමාවෙයන් . දැන් ..කාලෙ හරි . අමතක කරපන් පරණ හැමදේම . අමාරුවෙන් හිත හදාගනින් . පාළුව යන්න යාළුවො එක්ක කතා කරපන් , අම්ම තාත්තා ආච්චි අම්ම ගැන හොයල බලපන් .කන්න ආස දෙයක් අරන් කාපන් , ලස්සන මූණක් උඹට තියෙන්නේ . උඹටම ආදරේ කරපන් .සල්ලි ඉතුරු කරපන් . ලංකාවට ඇවිත් බියුටි සැලෝන් කොර්ස් එකක් කරපන් . දියුණු වෙයන් . වාහනයක් ගනින් . රැජිණක් වගේ ජීවත් වෙයන් . එතකොට නපුරු තරු වහගෙන උඹ හඳක් වගේ පායයි. දන්නවද උඹට මහා වාසියක් වුණා . වැඩි කල් නොයා උඹ ලෝකය ගැන දැනගත්තා. අනිත් පැත්තට ලෝකයත් උඹ ගැන දැනගත්තා නේද ? ඒක මහ අවාසියක් නේද කියල කවුරුහරි උඹට කිව්වොත් ..හිනාවෙලා උඹ ඌට 
‘සතුටින් ඉන්න හොඳේ’ කියපන්

උඹ සාධාරණය හෙව්වා .. 
හැබැයි ලෝකය අසාධාරණයි නංගියේ 
උඹ ඒකට හුරුවෙයන් …

(ධර්මකීර්ති)


News Articles
Latest Videos
Most Popular Post