News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
21

දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදෙයි

1212 Views


දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අතර පෝට් එලිසබත්හි පැවැත්වෙන දෙවැන ටෙස්ට් තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ෆෆ් ඩු ප්ලෙසි මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනසකින් තොරව අවතීර්ණ වී තිබේ. දකුණු අප්‍රිකාව වියාන් මුල්ඩර් කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති අතර ඒ වෙනුවට වර්නන් පිලැන්ඩර්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙනවා.

මෙම තගාවලියේ පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර අද ආරම්භවන්නේ දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයයි. ශ්‍රී ලංකාව මේ දක්වා දකුණු අප්‍රිකාවේදි ටෙස්ට් තරගයක් ජයගෙන නොමැත.


News Articles
Latest Videos
Most Popular Post