News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

දැඩි ආරක්ෂාවක් මැද ක්‍රිකට් නිලවරණය දහයට ඇරඹේ

652 Views


දැඩි ආරක්ෂාවක් මැද ක්‍රිකට් නිලවරණය දහයට ඇරඹේ

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිතයි.මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි ව තිබෙනවා.එහිදී ප්‍රකාශය කිරීමට නියමිත ඡන්ද ගණන 143 ක්.

අර්ජුන රණතුංග පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාරදුන් අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම යෝජනා භාරදුන්නේ ශම්මි ද සිල්වා මහතායි.උපසභාපති ධූරයට රණතුංග පාර්ශ්වයෙන් අර්ජුන රණතුංග, කේ. මදිවානන් තරග කරන අතර සුමතිපාල පාර්ශ්වයෙන් රවීන් වික්‍රමරත්න සහ මොහාන් ද සිල්වා තරග වැදීමට නියමිතයි.

නමුත් සුමතිපාල පාර්ශ්වයේ මොහාන් ද සිල්වාගේ සහ රවීන් වික්‍රමරත්නගේ නාම යෝජනා අභියාචන කමිටුව ප්‍රතික්ෂේප කර ඇත.එම තීරණයට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහත්වරුන් අභියාචනාධිකරණය හමුවට ගිය අතර ඔවුන්ගේ පෙත්සම ඊයේ නැවත සලකා බැලුණි.උපසභාපති හෝ උපලේකම් ධූරයට රවීන් වික්‍රමරත්න මහතාටත් ලේකම් ධූරයට මොහාන් ද සිල්වා මහතාටත් තරග කිරීමට අවස්ථාව ලබාදීමේ එකගතාවයට එහිදී දෙපාර්ශ්වය කැමැත්ත පළ කළේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද උදෑසන 10.30 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post