රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ දරණ තනතුරුවලින් ඔවුන් ඉවත් කරන්නැයි එක්සත් ජාතික පෙරමුණේ ප‍්‍රබලයෙකු යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් විනය කමිටු හරහා තීරණ එනතුරු නොසිට අමාත්‍ය ධුරවලින් ඉවත් කරන ලෙස මෙහිදී ඉල්ලා තිබෙන බවයි.
මැති ඇමතිවරුන් කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉකුත්දා ප‍්‍රකාශ කළා. නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් ඉකුත්දා ප‍්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේදීයි.
ඔවුන් දෙදෙනා සිදු කළ මෙම ප‍්‍රකාශ රටේ ජනතාව අතර දැඩි ආන්දෝලනයක් ඇති කළා.
ඒ සම්බන්ධයෙන් ඊයේ (20) පැවති එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ද සාකච්ඡා කර ඇතැයි සඳහන්. ඊට එක් වූ ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා සිඞ්නි චන්ද්‍රසේකර යන මන්ත‍්‍රීවරුන් මෙන්ම අමාත්‍යවරුන් වන රිෂාඞ් බදියුදීන්, තලතා අතුකෝරළ, රවී කරුණානායක, හරීන් ප‍්‍රනාන්දු සහ සාගල රත්නායක ද ඔවුන්ට එරෙහිව අදහස් පළ කළා.
අමාත්‍ය රාවුෆ් හකීම් පවසා ඇත්තේ රන්ජන් රාමනායක සහ බුද්ධික පතිරණ ඔවුන් දරණ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරවලින් ඉවත් කළ යුතු බවයි. ඊට ද බොහෝදෙනෙකු එකඟතාව පළ කර ඇතැයි දේශපාලන ආරංචි සඳහන් කළා.
එමෙන්ම පාර්ලිමේන්තුවේ සිටින සියලූදෙනාගේ රුධිර සාම්පල් පරීක්ෂාවක් සිදු කළ යුතු බවටයි එහිදී අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කර ඇත්තේ. ඊයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ සහභාගී වී නැහැ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මාධ්‍ය හමුවලදී විවිධ පුද්ගලයින් දුරකතනයෙන් අමතා තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් ද ඊයේ පැවති එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙනවා.
මේ අතර රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදු කළ ප‍්‍රකාශයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විශ්වසනීයත්වයට කැළලක් සිදු වන බවයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද ප‍්‍රකාශ කර ඇත්තේ.