News Line| Off Air
Generic placeholder image

Feb
22

අපේ හඬින් විධාන පිළිපඳින ස්මාර්ට් සහකරුවෙක් ලඟදීම..!

549 Views


අපේ හඬින් විධාන පිළිපඳින ස්මාර්ට් සහකරුවෙක් ලඟදීම..!

පෘථිවිය මත පරිණාමය ඔස්සේ ඉහළම බුද්ධි මට්ටමක් ඇති සත්ත්වයා බවට පත්වූ මිනිසා, එතැනින් නොනැවතී තවත් බුද්ධිමත් ජීවීන් නිර්මාණය කිරීමට පවා පෙළැඹී සිටිනවා. කාබනික පදනමක් සහිත මිනිසුන් අතින් නිර්මාණය වන සිලිකන් පදනම් වූ බුද්ධිමත් ජීවීන් හෙවත් බුද්ධිමත් රොබෝවන් සහ බුද්ධිමත් පරිගණක පිළිබඳව ගැණිය නොහැකි තරම් විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ සාකච්ඡා වීම අහඹුවක් නොවේ. තමන්ගේ ජීවිතය වඩාත් පහසු කරගනු වස්, තමන්ගේ බුද්ධිමත් සහායකයන් හට සිතා මතා කටයුතු කිරීමේ ශක්තිය ලබාදීම මිනිසාගේ අභිප්‍රාය වී තිබෙනවා.

තවමත් අපට මිනිස් චින්තන ශක්තිය සහිත යන්ත්‍රයන් නිර්මාණය කිරීම දක්වා ළඟා වීමට නොහැකි වී තිබුණත්, අපගේ එදිනෙදා වැඩකටයුතු සඳහා සහාය වීමට හැකි සාපේක්ෂාර්ථයකින් බුද්ධිමත් වූ සහකරුවන් නිර්මාණය කිරීමට හැකියාව ලැබී තිබේ.

මෙම ‘ස්මාට්’ සහකරුවන් අපගේ පරිගණක තුළ, අපගේ ස්මාට්ෆෝන් උපාංගයන්, ස්මාට් ස්පීකර් උපාංගයන් තුළ ලැගුම් ගෙන, අපගේ හඬ විධානයන් පිළිපැදීමට සැදී පැහැදී සිටී.


News Articles
Latest Videos
Most Popular Post