කඩුවෙල බියගම මාර්ගයේ කඬුවෙල පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඒ අනුව ලබන 26 වනදා සිට මාර්තු මස දෙවෙනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා මාර්ගය වසා තැබෙන බව සඳහන්. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
විකල්ප මාර්ගයක් ලෙස අධිවේගී මාර්ගයේ ගුවන් පාලන භාවිතා කල හැකි බවයි පොලිසිය වැඩි දුවරත් පවසන්නේ.