News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
22

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන්ම දුම්රිය ක්ෂේත්‍රයේ වෙනසක්

657 Views


ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන්ම දුම්රිය ක්ෂේත්‍රයේ වෙනසක්

මාර්තු 8 වනදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන් සදහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එහි පළමු අදියර යටතේ කාර්යාලීය දුම්රිය 6 ක කාන්තා මැදිරි වෙන් කරන බවයි දුම්රිය සාමාන්‍යාකාරී ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු මාධ්‍යය වෙත කියා සිටියේ.

ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙකක, ප‍්‍රධාන මාර්ගයේ දුම්රියක තුනක සහ පුත්තලම මාර්ගයේ එක් දුම්රියක මෙලෙස කාන්තාවන් සදහා මැදිරි වෙන් කෙරෙනවා.

කාන්තා පාර්ශවයෙන් ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම පියවර ගත් බවද දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් කියාසිටියා.


News Articles
Latest Videos
Most Popular Post