පසුගිය දවස් වල පාර්ලිමේන්තුවේ වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ විදුලි සෝපානය තුළ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සිරවීමේ පුවතයි.මේ නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කලා වගේම මේවනවිට තීරණය වී තිබෙන්නේ රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමටයි.කෙසේවෙතත් මෙවැනි තීරණයක් ගෙන තිබෙන අවස්ථාවකදී අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුම මගින් පාර්ලිමේන්තුවේ විදුලිසෝපාන සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරලා තියනවා.එකම විදුලි සෝපානයේ ගමන් කළ හැකි පිරිස සම්බන්ධයෙන් ඇති පරස්පර විරෝධී දැන්වීම් දෙක අනුව තමා ව්‍යාකූලත්වයට පත්වන බවයි ඔහු එමගින් සඳහන් කරන්නේ. ඔහු විමසා සිටින්නේ මන්ත්‍රීවරයකුගේ සාමාන්‍ය බර මේවනවිට වැඩිවී ඇතිද යන්නයි.
එම පණිවුඩයෙන් ඔහු පෙන්වා දී තිබෙන්නේ පෙර වතාවේ 13න් දෙනෙකුට ගමන් කල හැකි සෝපානයේ දැන් පුද්ගලයින් 08 කට සීමා කර තිබෙන ආකාරයේ පුවරු දැකීමෙන් තමන් විමතියට පත්වූ බවයි. එමෙන්ම මෙලෙස පුද්ගලයින් සීමා කර ඇත්තේ එකල මන්ත්‍රීවරුන්ට වඩා දැන් මන්ත්‍රීවරුන්ගේ බර වැඩි වී තිබෙන නිසාද යන්න හර්ෂ ද සිල්වා ඇමතිවරයා ප්‍රශ්ණකර තිබෙනවා.