News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
25

අත්අඩංගුවට ගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය බලන්න ජනපති යයි

497 Views


අත්අඩංගුවට ගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය බලන්න ජනපති යයි

ඊයේ (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරීන්ට ප‍්‍රශංසාව පළ කළා..

එසේම ඔවුන්ගේ සේවය අගය කරමින් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් ගෙන යන මෙම උදාර මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය සෑම අවස්ථාවකම හිමිවන බවයි.

අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගය ද මෙහි දී ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ටී.ඒ.සී ධනපාල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පසුගිය වැටලීම්වලට අදාළ තොරතුරු ද නිරික්ෂණය කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post