News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
25

කොකේන් භාවිත කරන මැතිඇමතිවරු පිළිබඳ කමිටු වාර්තාව අද

706 Views


කොකේන් භාවිත කරන මැතිඇමතිවරු පිළිබඳ කමිටු වාර්තාව අද

කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් සිටීදැයි සොයා බැලීම සඳහා එක්සත් ජාතික පෙරමුණ පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත අද (25) භාර දීමට නියමිතයි.

කමිටුවේ ප‍්‍රධානත්වය දැරූ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාද්‍ය වෙත කියා සිටියේ අදාළ වාර්තාව මේවනවිට සකස් කර අවසන් බවයි.

කෙකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුළද සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉකුත් දා කළ ප‍්‍රකාශය දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ. ඔහු කියා සිටියේ කොකේන් භාවිත කරන අමාත්‍යවරුන් පිරිසක් කැබිනට් මණ්ඩලය තුළද සිටින බවයි.

ඒ අනුව ඔහුගේ මෙම ප‍්‍රකාශය පිළිබඳ පරීක්ෂා කිරීමටයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම විශේෂ කමිටුව පත් කළේ.

ඉකුත් සති අන්තයේ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද අදාළ කමිටුව හමුවේ පෙනී සිටියා. පසුව ඔහු මාධ්‍ය වෙත කියා සිටියේ කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නම් කිහිපයක් පමණක් අදාළ කමිටුව වෙත ඉදිරිපත් කළ බවයි.

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද නම් ලැයිස්තුවක් ලබා දුන් බව ඔහු කියා සිටියා. කෙසේවෙතත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පෙරේදා පැවැති උත්සවයකදී කියා සිටියේ කොකේන් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුව තුළ නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post