News Line| Off Air| Games
Generic placeholder image

Feb
25

ගුවන් යානය පැහැර ගන්න ගිය සැකකරු මරුට

461 Views


ගුවන් යානය පැහැර ගන්න ගිය සැකකරු මරුට

බංග්ලාදේශ ගුවන් යානයක් පැහැර ගැනීමට උත්සහ දැරූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වූ බව එරට බලධාරීන් තහවුරු කර තිබෙනවා.

විදෙස් වාර්තාවන්හි සඳහන් වන්නේ බංග්ලාදේශයේ විශේෂ කාර්යය බලකාය විසින් එල්ල කළ ප‍්‍රහාරයක් හමුවේ සැකකරු ජීවිතක්ෂයට පත්වූ බවයි. මෙලෙස මියගොස් ඇත්තේ යානයේ ගමන්ගත් 25 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ අනන්‍යතාව බලධාරීන් මෙතෙක් තහවුරු කර නැහැ.

බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් පැහැර ගැනීමටයි සැකකරු ඊයේ (24) උත්සහ දරා තිබුණේ. ඔහු නියමු කුටියට ඇතුළුවීමට උත්සහ දැරීමේදී යානය බංග්ලාදේශයේ චිතගොන් ගුවන් තොටුපළක් වෙත ආරක්ෂිතව ගොඩ බැස්වීමට නියමුවා සමත් වී තිබුණා.

ගොඩබෑ ගුවන් යානයට පිවිසි විශේෂ කාර්යය බලකා නිලධාරීන් සැකකරු යටත් කර ගැනීමට උත්සහ කළ ද ඔහු තමන් සතුව පිස්තෝලයක් ඇති බව පවසමින් පිරිස බිය වද්දා තිබෙනවා.

එහිදී ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප‍්‍රහාර හමුවේ තුවාල ලැබූ සැකකරු පසුව මියගොස් ඇතැයි සඳහන්. මෙම සිද්ධිය වාර්තා වන විට එම ගුවන් යානය තුළ පුද්ගලයින් 148 දෙනෙකු සිටි බවයි නවතම විදෙස් වාර්තා සඳහන් කර තිබුණේ.

ඔවුන් සියලු දෙනා නිරුපද්‍රිත බවයි බලධාරීන් පවසා ඇත්තේ. සැකකරු ගුවන් යානය පැහැර ගැනීමට උත්සහ කළ හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post