News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

පාතාලය මර්දනයට යුද හමුදාවේ උපරිම සහය

787 Views


පාතාලය මර්දනයට යුද හමුදාවේ උපරිම සහය

පාතාලය මර්දනය කිරීම සඳහා යුද හමුදාවේ උපරිම සහයෝගය ලබා දෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

පානදුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

පාතාලය මර්දනය කිරීමේ දී කුමන කාර්ය භාරයක් යුද හමුදාවෙන් ඉටු වන්නේ ද යනුවෙන් මාධ්‍යවේදීන්ගෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ, ලංකාව තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ යුද හමුදාව සතුව බවයි.

ඒ පිළිබඳව විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත්, ඔවුන්ට ඇවැසි බුද්ධිමය තොරතුරු ලබා දීම තුළින්, ත්‍රිවිධ හමුදාවම දායකත්වය ලබා දෙන බව ද යුද හමුදාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

එහෙත් මෙහි ඉදිරියෙන්ම වගකීම ඇත්තේ ශ්‍රී ලංකා පොලීසියට බව ද පැවසු මහේෂ් සේනානායක මහතා, නීතිය තුළින් ඔවුන්ට ලබා දිය හැකි සෑම සහයෝගයක්ම යුද හමුදාවෙන් ලබා දෙන බව ද පැවසීය.


News Articles
Latest Videos
Most Popular Post