News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
25

පාර්ලිමේන්තුව කුණු ගද ගහන මළ කුනක් – හදුන්නෙත්ති

768 Views


පාර්ලිමේන්තුව කුණු ගද ගහන මළ කුනක් – හදුන්නෙත්ති

පාර්ලිමේන්තුව කුණු ගද ගහන මළ කුනක් බවට පත්ව ඇති බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පැවසිය.

ඊයේ (24) මාතරදි පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය.

එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ,

“පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් කොකෙන් ගහනවලූ ,පාර්ලිමේන්තුවේ මේ ගැන කතා වෙනවා මහා විලිලැජ්ජාවක් කියලා, මේක විලිලැජ්ජාවක් වෙන්නෙ කොහොමද? වෙන්න තියෙන ඔක්කොම වුණාට පස්සේ කොකෙන් ගහන එක විලිලැජ්ජාවක් වෙන්න පුළුවන්ද?

පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් හොරකම් කරනවනම්, නාස්ති කරනවනම්, කොමිස් ගහනවනම්, ටෙන්ඩර් මගඩි ගහනවනම්, පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් කොකෙන් ගැහුවම මොකද වෙන්නේ. රටේ ජනතාව ප‍්‍රවෘත්ති වලින් බලන් ඉන්නවා මාර වැඩක් මන්ති‍්‍රවරු කුඩු ගහනවා කියලා, එතකොට ඒ අය කරන අනිත් දේවල් හොඳයිද? කොකේන් ගහන එක විතරද වැරදි. නෑ අනිත් ඔක්කොමත් වැරදියි . වෙනස හැමදාම කරන වැඩක් එළියට ඇවිත් එච්චරයි’’ යැයි පැවසිය.


News Articles
Latest Videos
Most Popular Post