News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
26

එංගලන්තය ජිනීවා නුවරදී ලංකාව අගයයි

1050 Views


එංගලන්තය ජිනීවා නුවරදී ලංකාව අගයයි

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සතුව පවතින ඉඩම් නැවත එහි හිමිකරුවන් වෙත ලබාදීමට රජය කටයුතු කිරීම එංගලන්තය පිළි ගන්නා බව එරට විදේශ කාර්යාලයේ ඇමති ලෝඩ් අහමඩ් සඳහන් කරයි.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම සැසිවාරය ඊයේ (25දා) ආරම්භ විය. ආරම්භක දිනයේදිම ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම වන්දි ගෙවීම වෙනුවෙන් කාර්යාලයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීමත් එංගලන්තය පිළිගන්නා බව ඔහු සිය ප්‍රකාශයෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන සමගි සන්ධානයක් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ශ්‍රී ලංකාව උනන්දු කරන බවත් ඔහු පැවැසීය.


News Articles
Latest Videos
Most Popular Post