News Line| Off Air| Games
Generic placeholder image

Feb
26

දරුණු යුද්ධයක පෙරනිමිති පළකරමින් ඉන්දියානු ගුවන් යානා පකිස්ථානු අහස ආක්‍රමණය කරයි

1941 Views


දරුණු යුද්ධයක පෙරනිමිති පළකරමින් ඉන්දියානු ගුවන් යානා පකිස්ථානු අහස ආක්‍රමණය කරයි

ඉන්දියා ගුවන් හමුදාවට මිරාජ් ප‍්‍රහාරක ජෙට් යානා 12 කින් අද අලූයම 03 30 ට පාකිස්ථාන දේශ සීමාවේ පිහිටි ත‍්‍රස්ත කදවුරට බෝම්බ හෙළා තිබෙනවා

දේශ සීමාවේ පිහිටි බාල්කොට් ප‍්‍රදේශයේ ස්ථානගතව තිබූ ජෙශ් – ඊ මොහොමඞ් සංවිධානයට අයත් ත‍්‍රස්ත කදවුරකටයි මෙලෙස ඉන්දීය ගුවන් හමුදාව බෝම්බ ප‍්‍රහාර එල්ල කර ඇත්තේ.කිලෝග‍්‍රෑමක් 1 000 ක් බරැුති බෝම්බ මෙහිදී ත‍්‍රස්ත කදවුරට එල්ල කර ඇති බව ඉන්දීය ගුවන් හමුදා ආරංචි මාර්ග පවසනවා

මේ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වන පාකිස්ථාන ගුවන් හමුදාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජෙනරාල් අසීෆ් ගෆූර් පවසන්නේ ඉන්දියානු ගුවන් හමුදා සිය භූමි ප‍්‍රදේශයට අයත් මුසාරෆ්බාද් ප‍්‍රදේශයට පැමිණි බවත් තම ගුවන් හමුදාවේ කාලෝචිත සහ ඵලදායී ප‍්‍රතිචාර දැක්වීම මධ්‍යයේ ඔවුන් පලා ගිය බවයි

මේ අතර පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ සිය ගුවන් සීමා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව වෙත කඩිනම් ප‍්‍රතිචාර දක්වන බවයි

එමෙන්ම ඉන්දීය කොංග‍්‍රස් නායක රාහුල් ගාන්ධි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් හමුදාව වෙත ආචාරය පුද කරන බව ද ප‍්‍රකාශ කර තිබෙනවා. පසුගියදා කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුනා

ඒ සමගම ඉන්දියාව සහ පාකිස්ථානය අතර දේශපාලන ආතතීන් වර්ධනය වූ අතර දෙරටේ රාජ්‍ය නායකයින් ද මේ සම්බන්ධයෙන් උණුසුම් අදහස් ප‍්‍රකාශ කළා


News Articles
Latest Videos
Most Popular Post