News Line| Off Air
Generic placeholder image

Feb
26

පකිස්ථානයෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්

1836 Views


පකිස්ථානයෙන් ඉන්දියාවට අනතුරු ඇගවීමක්

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හදිසි ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැදවා තිඛෙනවා.මෙම රැස්වීම පැවැත්වෙන්නේ කැබිනට් මන්ඩලය හා ඒකාබද්ධවයි

ඉන්දියාව දේශ සීමා අයිතිය උල්ලංඝනය කර ඇති බව පකිස්ථාන විදේශ අමාත්‍ය ශ්‍යාම් මහමුද් සදහන් කලා.ඔහු පැවසුවේ ඊට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය පකිස්ථානය සතු බවයි.

ඉන්දිීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද රාජස්ථානී හි පැවති ජන රැළියක දී උද්ගතව ඇති තත්වය සම්භන්ධයෙන් අදහස් පල කලා.

ඔහු පැවසුවේ රට සම්පූර්ණයෙන් ආරක්ෂිත බවයි.රටට හානි සිදු කිරීමට ඉඩ ලබා නොදෙන බවත් රටේ ගෞරවය ආරක්ෂා කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කලා.

මේ අතර ඉන්දියා ගුවන් හමුදාවට මිරාජ් ප්‍රහාරක ජෙට් යානා 12 කින් අද අලූ පාකිස්ථාන දේශ සීමාවේ පිහිටි ත්‍රස්ත කදවුරට බෝම්බ හෙළා තිඛෙනවා.

ඉන්දීය ගුවන් හමුදාව මෙලෙස බෝම්බ ප්‍රහාර එල්ල කර ඇත්තේ දේශ සීමාවේ පිහිටි බාල්කොට් ප්‍රදේශයේ ස්ථානගතව තිබූ ජෙශ් – ඊ මොහොමඩ් සංවිධානයට අයත් ත්‍රස්ත කදවුරකටයි.

කිලෝග්‍රෑමක් 1 000 ක් බරැති බෝම්බ මෙහිදී ත්‍රස්ත කදවුරට එල්ල කර ඇති බව ඉන්දීය ගුවන් හමුදා ආරංචි මාර්ග පවසනවා.

පසුගියදා කාශ්මීරයේ පුල්වාමාහිදී ඉන්දීය හමුදා රථ පෙළකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය හමුදා සාමාජිකයෝ 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ඉන්දියාව හා පකිස්ථානය අතර යුධමය තත්වයක් මතුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post