News Line| Off Air
Generic placeholder image

Feb
26

මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරුගේ නිවසින් යුද උපකරණ රැසක් හමුවෙයි

760 Views


මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරුගේ නිවසින් යුද උපකරණ රැසක් හමුවෙයි

මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ කඹුරුපිටියේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා.මෙම සැකකරු යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝප‍්‍රල්වරයෙකු බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

ඔහුගේ පියා ප‍්‍රශ්න කිරීම් සඳහා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් කෝටි 700යේ මැණික් කොල්ලයට යොදාගත් බවට සැකකරන මාංචුවක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.සැකකාර ලාන්ස් කෝප‍්‍රල්වරයා සපුගස්කන්ද යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කර ඇති අතර ඔහු අපරාධ රැසකට සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ. මෙම සැකකරු යුද හමුදාවෙන් පලාවිත් සැඟව සිටින බවද පොලිසිය සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post