News Line| Off Air
Generic placeholder image

Feb
26

රන්ජන්ගේ කොකෙන් කතාවට අජිත්ගෙන් පිළිතුරු

824 Views


රන්ජන්ගේ කොකෙන් කතාවට අජිත්ගෙන් පිළිතුරු

කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා අද පිළිතුරු ලබාදුන්නා. ඒ මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

“පාර්ලිමේන්තුවට අපිව එවලා තිබෙන්නේ රට සංවර්ධනය කරන්න. බොන්නේ මොනවද? කන්නේ මොනවද? කියලා හොයන්න නෙමෙයි. කන්නේ බොන්නේ මොනවද කියලා හොයන තත්ත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්වෙලා තියෙනවානම් ඒකට විසඳුමක් හොයාගන්න වෙනවා ඡන්දය දිපු ජනතාවට.

රටේ මෙච්චර ප්‍රශ්ණ තියේද්දී මාධ්‍යයත් කතා කරන්නේ මේ කොකේන් බීපු එකක් ගැන. වෙන කතාකරන්න දේවල් නැත්ද? ගැලරියට යන මාතෘකා තමයි ඉස්සරහට යන්නේ. කොකෙන් බීපු මන්ත්‍රීවරුන් ඉන්නවානම් කවුද කියලා හෙළි කරන්න ඕන.

ඒකට කොන්දක් තියෙන්න ඕන. එහෙම කොන්දක් නැතිව පාර්ලිමේන්තුවේ ඉන්න සියලු මන්ත්‍රීවරුන්ට මඩ ගැහුවම ඒක කොච්චර වැරදියිද? මේ අය ගැන ජනතාව දෙවරක් හිත්නන ඕන. නිදහසේ රඟන්න ඉඩ දීලා ජනතාව තේරුම්ගත යුතුයි ඊළගපාර ඡන්දය දෙන්නේ කාටද කියලා”


News Articles
Latest Videos
Most Popular Post