News Line| Off Air
Generic placeholder image

Feb
26

සනත්ට වසර දෙකකට අයිසීසී තහනමක්

1184 Views


සනත්ට වසර දෙකකට අයිසීසී තහනමක්

හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතාට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිඛෙනවා.

වසර දෙකක කාලයක් සදහා ඔහුට ක්‍රිකට් සම්භන්ධ කිසිදු කටයුත්තක නිරත විය නොහැකි බව අයි සී සී ය නිකුත් කල නිවේදනයේ සදහන්.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පණතේ වගන්ති 02 ක් උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන තිඛෙනවා.

සනත් ජයසූරිය එම කවුන්සිලය හමුවේ පිළිගෙන ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පණතේ 2-4-6 හා 2-4-7 යන වගන්ති උල්ලංඝනය කර ඇති බවයි.

ක්‍රිකට් දූෂණ පරීක්ෂණ සදහා සහාය නොදැක්වීම සාක්ෂි ඉදිරිපත් නොකිරීම එම පරීක්ෂණ සදහා සහභාගී නොවීම හා ඊට බාධා කිරීම ඔහුට එරෙහි චෝදනා වනවා.


News Articles
Latest Videos
Most Popular Post